10th March 2024 10:12:15 Hours
මහ සිකුරාදාව යෙදී තිබූ මාර්තු මස 08 දින වාර්ෂික පාද යාත්රාවේ නිරත බැතිමතුන්ගේ පවස නිවාලීම සඳහා ස්ථාන කිහිපයකදී ඔවුන් වෙත පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් 542 පාබල බලසේනාවට අයත් 4 ගජබා රෙජිමේන්තුවේ සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්රියාත්මක කරන ලදී.
කතෝලික සම්ප්රදායට අනුව මහ සිකුරාදාවට සමගාමීව වාර්ෂික පාද යාත්රාව 2024 මාර්තු මස 06 දින මන්නාරම ශාන්ත සෙබස්තියන් කතෝලික දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකින් ආරම්භ කෙරිණි. මන්නාරම රදගුරු ලයනල් එමානුවෙල් ප්රනාන්දු පියතුමන්ගේ ප්රධානත්වයෙන් පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව 2024 මාර්තු මස 08 දින වවුනියාව, කොමරසකුලම් කතෝලික දේවස්ථානයෙන් පාද යාත්රාව සමාප්ත විය.
මෙම ප්රජා සත්කාරක වැඩසටහන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් හා 542 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත ක්රියාත්මක කෙරිණි.