16th October 2023 22:05:57 Hours
ගුණාත්මක කෙටි ආහාර සහ ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලගණන් යටතේ අලෙවි කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් පාලනය වන ‘වන්නි ෆුඩ් සිටි’ අලෙවිසැලෙහි ‘වන්නි බේකර්ස්’ නමින් නව අංශයක් ස්ථාපිත කරනු ලැබීය.
මෙම නව අංශය ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින විවෘත කරනු ලැබීය.
නව බේකරිය මඟින් වව්නියාව ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරින්, සිවිල් වැසියන් සහ පාසල් සිසු සිසුවියන් වෙත පාන්, කේක්, පේස්ට්‍රි, කෙටි ආහාර, තේ/කෝපි, පළතුරු බීම වැනි ආහාර ද්‍රව්‍ය සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාව පවතී.
මෙම නව බේකරිය ඉදිකිරීමේ කටයුතු සඳහා වන්නි ප්‍රදේශයේ ස්ථාපිත ගැරිසන් - ආරක්ෂක සේවා ඉංජිනේරු නිලධාරීගේ සහ භටපිරිස්හී පූර්ණ දායකත්වය හිමිවූහ.
මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ව්‍යාපෘති භාර බ්‍රිගේඩියර්, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් සහ ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහභාගී වූහ.