Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2025 19:35:13 Hours

ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවති සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී පැවති සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව - 22 හි නිල ලාංඡන පැළඳවීමේ සහ විසිරයෑමේ පෙළපාලිය 2025 ජනවාරි මස 25 දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී සහභාගි විය.

උත්සවය අතරතුරදී, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් පාඨමාලාව හැදෑරූවන් වෙත සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කරමින් සිය සුබපැතුම් එක්කළේය. නිලධාරින් 5 දෙනෙකු හා සෙසුනිලයන් 11 දෙනෙකු, ඉන්දියානු යුද්ධ හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය නියෝජනය කරන සෙසුනිලයන් 6 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගි වි සැඟවුණු වෙඩික්කරුවන් ලෙස සුදුසුකම් ලැබූහ.

පහත සඳහන් නිලධාරින් සහ සෙසුනිලයන් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් විශේෂ ගෞරව පිරිනැමිණි:

• හොඳම රණබිම් ක්‍රම - ඉන්දියානු යුද්ධ හමුදාවේ නායික් වීර් සිං

• හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා - විශේෂ බලකායේ කෝප්‍රල් ටී.එම්.ඩී.එස්.බී ඉලංගරත්න

• හොඳම වෙඩික්කරු - ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.පී. නුවන්

• හොඳම විදේශීය හමුදා ශිෂ්‍යයා - ඉන්දියානු යුද්ධ හමුදාවේ නායික් වීර් සිං

• හොඳම සැඟවුණු වෙඩික්කරු - විශේෂ බලකායේ කපිතන් ඒ.එම්.ආර්.කේ.කේ මුල්ලේගම

එසේම, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් 2025 ජනවාරි මස 26 දින මෙම පාඨමාලාවේ සමාප්ති දේශනය පවත්වන ලදි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.