Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2023 11:03:27 Hours

පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කළ ප්‍රකාශනයන්හි මුල් පිටපත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කරනු ලැබූ ‘Special Operations Forces' Doctrine’, four ‘Army Field’ Manuals සහ the ‘General Staff Publication on Intelligence’ ප්‍රකාශනයන්හි මුල් පිටපත් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පිළිගන්වනු ලැබීය.

පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ අනෙකුත් ආරාධිතයින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ප්‍රකාශනයන්හි මුල් පිටපත් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වීය. මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රකාශනයන්හි විද්‍යුත් පිටපත් ද අන්තර්ජාලයට මුදාහරිනු ලැබීය.

උත්සව අවස්ථාවට සමගාමීව පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා ද කෘතියෙහි පිටපත් බෙදා දෙන ලද අතර, යුදමය වාතාවරණයක සහ විශේෂිත අවස්ථාවන්හි අනුගමනය කළයුතු විධිවිධාන සහ යෙදවුම් ක්‍රම පිළිබඳ මෙම ප්‍රකාශනයන්හි අන්තර්ගත කරුණුවල මනාව පැහැදිළි කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්, අංශ ප්‍රධානී - පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන බ්‍රිගේඩියර් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී සමගින් එම අංශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අදාල අංශය විසින් නිර්මාණය කරන ලද නවෝත්පාදන කිහිපයක් පරීක්‍ෂා කරනු ලැබූ අතර, එහිදී එතුමන් එම නවෝත්පාදනයන් බිහිකිරීමට දායකත්වය දැක්වූ කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කරනු ලැබීය. එම නවෝත්පාදනයන් අතර, නියමුවන් රහිත ගුවන් යානයක්, ත්‍රිමාණ සිතියම්කරණ උපකරණයක්, වායු පෙරහන පිරිසිදු කිරීමේ යන්ත්‍රයක්,අඩු වියදම් මල්ටි බැරල් රොකට් දියත් කිරීමේ ආරෝපණ නියාමකයක්, රථ වාහන වේග සීමාව දක්වන දර්ශකයක් සහ ‘CDI Ignition Coil Spark Plug Testing’ යන්ත්‍රයක් විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.