Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පදක්කම් 28 කට අධික ප්‍රමාණයක් දිනාගනී

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාන්‍ය සෙබළ එස්.ඒ දර්ශන මීටර් 400 (තත්පර 46.69) සහ මීටර් 100 x 4 (තත්පර 39.14) මෙන්ම 400 x 4 (03: 08.04) යන ඉසව්වන්ගෙන් රන් පදක්කම් 2 ක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී සැරයන් යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 (මිනිත්තු 4:34:34) හා මීටර් 5000 (මිනිත්තු 16:55:18), සාමාන්‍ය සෙබළ එස්.එල්.එස්. සිල්වා දුරපැනීම (මීටර් 6.38), සාමාන්‍ය සෙබළ බී.එම්.එච්.පී. බාලසුරිය තුම්පිම්ම (මීටර් 13.12), කෝප්‍රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි මීටර් 100 කඩුලු පැනීම (තත්පර 13.68) හා මීටර් 100 x 4 (තත්පර 44.89), කෝප්‍රල් ලේකම්ගේ හෙල්ල විසිකිරීම (මීටර් 55.02) සහ කාන්තා සෙබළ දිල්ෂි කූරසිංහ මීටර් 400 (තත්පර 53.40) හා මීටර් 800 (මිනිත්තු 2:06.18) රන් පදක්කම් දිනාගත්හ.

මේ වනවිට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගෙන තිබේ.

යුද්ධ හමුදා පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව පහත පරිදි වේ;

(රන් පදක්කම්) පිරිමි 100 x 4

සැරයන් ඩබ්ලිව්.කේ.එච්. අශාන්

ලාන්ස් කෝප්‍රල් එම්.වී.එස්. ද සිල්වා

සාමාන්‍ය සෙබළ අබේකෝන්

(රන් පදක්කම්) පිරිමි 400 x 4

සාමාන්‍ය සෙබළ එස්.ඒ. දර්ශන

ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.එල්.පී. ගුණරත්න

(රන්පදක්කම්) කාන්තා 100 x 4

කෝප්‍රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්දි

කාන්තා සෙබළ ඩි.ටි.ඒ. අමාෂා සිල්වා

කාන්තා සෙබළ සාරංගි සිල්වා

(රන් පදක්කම්) කාන්තා 400 x 4

කාන්තා සෙබළ ඊ.කේ මදුෂානි

කාන්තා සෙබළ දිල්ෂා කූරසිංහ

(රිදී පක්කම්) පිරිමි

සැරයන් ඩබ්ලිව්.කේ.එච්. අශාන් - මීටර් 100

ලාන්ස් බොම්බඩියර් කේ. සන්මුගේෂ්වරම් - මීටර් 10000

ලාන්ස් කෝප්‍රල් එම්.වී.එස්. ද සිල්වා - මීටර් 200

ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.එල්.පී. ගුණරත්න - මීටර් 400

(රිදී පදක්කම්) කාන්තා

බළලත් නිලධාරී I බී.එල්. නදීකා ලක්මාලි - හෙල්ල විසිකිරිම

කාන්තා සෙබළ ඩි.ටි.ඒ. අමාෂා - මීටර් 100

කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්‍ෂානි - තුන්පිම්ම

කාන්තා සෙබළ ඊ.කේ. මදුෂානි - මීටර් 400 කඩුලු පැනීම

(ලෝකඩ පදක්කම්) පිරිමි

සාමාන්‍ය සෙබළ ආර්.ආර්.ඩි. රණතුංග - මීටර් 110 කඩුලු පැනීම

ලාන්ස් කෝප්‍රල් එම්.එන්.එස්. මොහොමඩ් - තුන්පිම්ම

සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.වී.එස්.එම්. ප්‍රනාන්දු - යගුලිය

සාමාන්‍ය සෙබළ ආර්.එම්.ජේ.එස්. සුමේද රණසිංහ - හෙල්ල විසිකිරීම

(ලෝකඩ පදක්කම්) කාන්තා

කෝප්‍රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි - මීටර් 100

ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.අයි.එස්. රාජසිංහ මීටර් 110 කඩුලු පැනීමNike Sneakers | nike air speed turf rose gold price per gram