Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පදක්කම් 20 කට අධික ප්‍රමාණයක් දිනාගනී

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාන්‍ය සෙබළ එස්.එල්.එස්. සිල්වා මීටර් 400 (තත්පර 46.69) සහ මීටර් 100 x 4 (තත්පර 39.14) කින් අවසන් කර රන් පදක්කම් 2 ක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී සැරයන් යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 (මිනිත්තු 4:34:34), සාමාන්‍ය සෙබළ එස්.එල්.එස්. සිල්වා දුරපැනීම (මීටර් 6.38), සාමාන්‍ය සෙබළ බී.එම්.එච්.පී. බාලසුරිය තුම්පිම්ම (මීටර් 13.12), කෝප්‍රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි මීටර් 100 කඩුලු පැනීම (තත්පර 13.68) හා මීටර් 100 x 4 (තත්පර 44.89) සහ කාන්තා සෙබළ දිල්ෂි කූරසිංහ මීටර් 400 (තත්පර 53.40) රන් පදක්කම් දිනාගත්හ.

මේ වනවිට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගෙන තිබේ.

යුද්ධ හමුදා පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව පහත පරිදි වේ;

(රිදී පක්කම්)

පිරිමි

සැරයන් ඩබ්ලිව්.කේ.එච්. අශාන් - මීටර් 100

ලාන්ස් බොම්බඩියර් කේ. සන්මුගේෂ්වරම් - මීටර් 10000

ලාන්ස් කෝප්‍රල් එම්.වී.එස්. ද සිල්වා - මීටර් 200

ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.එල්.පී. ගුණරත්න - මීටර් 400

කාන්තා

කාන්තා සෙබළ ඩි.ටි.ඒ. අමාෂා - මීටර් 100

කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්‍ෂානි - තුන්පිම්ම

කාන්තා සෙබළ ඊ.කේ. මදුෂානි - මීටර් 400 කඩුලු පැනීම

ලෝකඩ පදක්කම්

පිරිමි

සාමාන්‍ය සෙබළ ආර්.ආර්.ඩි. රණතුංග - මීටර් 110 කඩුලු පැනීම

ලාන්ස් කෝප්‍රල් එම්.එන්.එස්. මොහොමඩ් - තුන්පිම්ම

සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.වී.එස්.එම්. ප්‍රනාන්දු - වෙඩි තැබීම

කාන්තා

කෝප්‍රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි - මීටර් 100

ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.අයි.එස්. රාජසිංහ මීටර් 100 කඩුලු පැනීම

(ඡායාරූප උපුටාගැනීම : papare.com & ceylonathletic.com) latest jordan Sneakers | Sneaker & Lifestyle News