Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2024 12:53:33 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවසක්

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මහනුවර, පන්විල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

සුදුහුම්පොළ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හඟුරන්කෙත ධම්මරක්ඛිත හිමිපාණන්, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේතුමන් සහ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමෙතුමන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එන්.කේ. වීරතුංග ගේ අධීක්‍ෂණය සහ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් 2024 ජුනි මස 24 දින නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් මෙම නිවස 2024 නොවැම්බර් මස 11 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.

නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.