Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පාඨමාලා අතර ක්‍රිකට් තරඟයක්

ශිෂ්‍ය නිලධාරීන් අතර සහෝදරත්වය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම අධ්‍යයන කටයුතුවල ඒකාකාරී බව දුරු කිරීම සඳහා සුහද ක්‍රිකට් තරගයක් ඉරිදා (9) දින නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩාපිටියේදී පැවැත් වුණු අතර තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සඳහා නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සහභාගි විය.

ඒකක අණදෙන පාඨමාලා - 6, කනිෂ්ඨ අණදෙන පාඨමාලා - 18, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා - 18 සහ නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්යමණ්ඩලය නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් මුදිත කලුආරච්චි ගේ නායකත්වයෙන් යුත් කනිෂ්ඨ අණදෙන පාඨමාලාව නියෝජනය කළ පළමු කණ්ඩායම තරඟාවලියේ හොඳම කණ්ඩායම ලෙස ශූරතාවය හිමිකරගත්හ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කපිතන් අමිල ජයසිංහ ගේ නායකත්වයෙන් යුත් කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව නියෝජනය කළ තෙවන කණ්ඩායම තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගත්හ.

තරඟ 4 කදී ලකුණු 128 ක් ලබාගනිමින් තරඟාවලියේ හොඳම පිතිකරු ලෙස කනිෂ්ඨ අණදෙන පාඨමාලව නියෝජනය කළ පළමු කණ්ඩායමේ කපිතන් රජීව සිල්වා සම්මාන හිමිකරගත් අතර හොඳම පන්දු යවන්නා ලෙස කනිෂ්ඨ අණදෙන පාඨමාලව නියෝජනය කළ පළමු කණ්ඩායමේ මේජර් අමිල ප්‍රසන්න සම්මාන හිමිකරගනු ලැබීය.

තරඟාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සියලුම නිලධාරීන් එක්ව විනෝද වූ අතර එහිදී කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාවේ නිලධාරීන් විසින් ප්‍රදර්ශනය කරන ලද නිර්මාණාත්මක නාට්‍යයක් හා නර්තනයකින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී. මෙම තරඟාවලිය නිලධාරී නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව නිමාවට පත්විය. Mysneakers | UK Trainer News & Releases