Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 14:01:20 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 11 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු (01) ලෙබනන් සිට පැමිණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) බ්‍රැන්ඩෙක්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, ඕමාන් සිට පැමිණි පුද්ගලයින් 07 දෙනෙක් සීගිරි අනා රිසෝට් සහ හේකිත්ත ලාදුරු රෝහල් සහ පල්ලේකැලේ කෘෂීකර්ම පාසල් නිරෝධායන මධ්‍යස්ථානයන් වලින් ද, කටාර් සිට පැමිණි එක් පුද්ගලයෙක් (01) විඩත්තපලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ ජර්මනියේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (30) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (30) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු (47) ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් තිදෙනෙකු (03) ද, UL 605 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් දෙසිය අසූ හත් දෙනෙකු (287) සහ UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 05 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (30) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 343 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 154 දෙනෙකු ද, රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 150 දෙනෙකු ද, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිදෙනෙකු (03) ද, පල්ලේකැලේ කෘෂිකර්ම පාසල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙක් ද (01), තිස්සමහාරාම ඉකෝ සෆාරි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙක් ද (01), හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 23 දෙනෙක් ද, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙක් ද (02), හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙක් ද (01), හොටෙල් අමාගි ආර්යා නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 06 දෙනෙකු සහ රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙකු (02) වශයෙන් වේ.

අද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (30) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 7,132 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (29) දිනය තුලදී PCR පරික්‍ෂණ 1600 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 285,457 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (30) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් 20 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉන් එක් පුද්ගලයෙක් (01) රුසියානු ජාතිකයෙකු ලෙස වාර්ථා වේ. එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. buy shoes | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos