01st May 2025 20:37:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 අප්‍රේල් මස 30 දින පලාලි යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
එම සංචාරයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් හදිසි ප්‍රතිකාර ඒකකය (ETU), බාහිර රෝගී අංශය (OPD), රසායනාගාරය, ඖෂධ ගබඩාවන්, ඖෂධාගාරය සහ නිලධාරි වාට්ටුව ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් නිරීක්‍ෂණය කරන ලදී.
එහිදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එම රෝහලේ අණදෙන නිලධාරි සහ වෛද්‍ය කාර්යය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් පිරිසිදුභාවය, කාර්යක්‍ෂමතාව සහ රෝගී සත්කාර ඉහළම මට්ටමෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේය.
එමෙන්ම, එහිදී එම රෝහලේ කාඩ්පත් අංශය වෙත විශේෂ අවධානයක් යොමු කරමින් එහි ක්‍රියාවලිය ඩිජිටල්කරණ කිරීම පිළිබඳව අවධානය යොමුකරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.