Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2023 15:58:41 Hours

නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 61 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හමුවෙයි

ආඥාපති දකුණු නාවික පෙදෙස රියර් අද්මිරාල් ඩබ්ලිව්.ඩී.සී.යූ කුමාරසිංහ පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින බූස්ස, 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, එම මූලස්ථානයේදී හමුවිය.

61 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හමුවීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් සී. ජේ ගොඩකන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින එම මූලස්ථානය වෙත පැමිණෙන ලදී.

61 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් සුහදව අදහස් හුවමාරුකරගත් අතර, එහිදී ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සාකඡ්චා කරන ලදී.

හමුව අවසානයේදී සුහදතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.