Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 14:42:08 Hours

ධූරයෙන් නික්ම යන සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපතිතුමන්ට එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යන බලකාධිපතිතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

රෙජිමේන්තු සරඹ භූමියේ පිහිටි ප්‍රධාන පිඨිකාවේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් සමඟින් සමූහ ඡායාරූපයකට ද එතුමන් සහභාගී විය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද පුදකළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම රෙජිමේන්තු භටපිරිස් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.

නිලධාරි නිවස්නයේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එතුමන් සහභාගී වූ අතර එහිදී සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන බලකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.