Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2024 17:54:43 Hours

ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සිය ධූරයේ රාජකාරි කටයුතු භාරදෙනු ලැබීය

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මහත්මිය 2024 මැයි මස 20 දින සිය ධූරයේ රාජකාරී කටයුතු භාරදෙනු ලැබීය. ධූර කාලය තුළ එතුමියගේ කැපවීම ඇගයීමට ලක්කරමින් ඉංජිනේරු සේවා බලකා නිලධාරි නිවස්නයේදී 2024 මැයි මස 30 දින හමුදා සම්ප්‍රදායානාකූල උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, අදහස් දක්වමින් සුරංගි අමරපාල මහත්මිය මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළාය. එතුමියගේ ධූර කාලය තුළ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් වෙතින් ලද සහයෝගය සහ දිරිගැන්වීම් පිළිබඳ එතුමිය ඇගයීමට ලක්කළාය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.