Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2021 18:01:29 Hours

දිවයින පුරා සේවය කරන භටපිරිස් ජාතින් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් තෛයිපොංගල් උත්සවය සමරයි

තෛයිපොංගල් දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින කිලිනොච්චි කන්දස්වාමි කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සිදු කරන ලදී. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ලබාදුන් උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජිව සෙනරත්යාපා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආගමික උත්සවය පැවැත්විණි.

කෝවිලේ ප්‍රධාන පූජක ජෙගදීශ්වරන් කුරුක්කල් තුමන් සහ අනෙකුත් පූජකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආගමික උත්සවය යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව 57 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙම ආගමික උත්සවයට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගි වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින්ද එක්ව සිටියහ.

එමෙන්ම, තෛයිපොංගල් දිනයට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සිදු කරන ලදී. මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආගමික වතාවත් සිදුකෙරිණි.

තෛයිපොංගල් දිනයට සමගාමීව මුලතිව්, මලිගතිව් ප්‍රදේශයේ පදිංචි සෙම්බකුටි පක්‍යම් මහත්මිය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවස මුලිතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ සුරතින් විවෘත කෙරිණි. 68 වන සේනාංක මුලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් මෙම නිවස ඉදිකරන ලදී.

දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වුහ. Sport media | Sneakers