11th January 2024 19:54:55 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් සිදුකරනු ලැබූ විශේෂ දැනුම්දීමකට ප්‍රතිචාර දක්වමින් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින දඹුල්ල ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත ආබාධිත පුද්ගලයෙකු වෙත රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබීය.
මෝටර් රථ අනතුරකට ලක්වීමෙන් ඉණේ සිට පහළ කොටසේ ක්‍රියාකාරිත්වය අඩපණ වූ වයස අවුරුදු 40 ක් වන ඩී.එන්. රෝහණ බණ්ඩාර මහතාගේ නිවෙස වෙත ගොස් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් විසින් මෙම රෝද පුටුව එතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබීය.