27th April 2025 07:47:59 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් 2025 අප්‍රේල් මස 18 දින සිට කිරි තේ පැන් දන්සලක් පවත්වනු ලබයි. මෙම දන්සල දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අවසන් වන දිනය දක්වා පැවැත්වීමට නියමිතය.
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්ගලික) සමාගම සමඟ එක්ව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිනපතා පැමිණෙන බැතිමතුන් සඳහා දිනකට කිරි තේ 50,000 ක් බෙදා දීමට අපේක්ෂා කරනු ලබයි.
මෙහි සමාරම්භ අවස්ථාව සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ භාර්යාව, නිලධාරි සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.