Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

දකුණේ ජනතාව, පුනරීන් සිසුන් වෙත පාසල් උපකරණ ලබාදෙයි

66 වන සේනාංකයේ දැනුම්දීමකට අනුව කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බොරැල්ලේ කොවිඳ තෙරුන් ප්‍රමුඛ දකුණේ වැසියන් කණ්ඩායමක් සඳුදා (26) දින පුනරින් ප්‍රදේශයේ පාසල් ළමුන් වෙත පාසල් උපකරණ විශාල තොගයක් බෙදාදෙන ලදි.

පාසල් උපකරණ අඩංගු පාර්සල් 200 ක් බෙදාදුන් අතර, මෙහි එක් පාර්සලයක වටිනාකම රුපියල් 1500 ක් වේ. කිරන්චි විද්‍යාලයේ පැවති මෙම චාම් උත්සවය සඳහා පරිත්‍යාග ලබාදුන් ස්වාමින් වහන්සේ සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන නියෝජනය කරමින් 663 බලසේනාවේ බලසේනාධිපති ද සහභාගි වූහ.

කිලිනොච්චි, ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්විමෙන් 66 වන සේනාංකය මඟින් ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ හොඳහිත සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන පැවැත්විය. 663 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සි.ඩි. වීරසූරියගේ මඟපෙන්විම යටතේ මෙම වැඩසටහන 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව මඟින් සංවිධානය කරන ලදි.

එහිදි, කිරන්ජි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ වයස අවුරුදු 5ත් 16 ත් අතර සිසුන් 200 දෙනෙකු සඳහා මෙම පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරිනි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන නියෝජනය කරමින් 663 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සි.ඩි. වීරසූරිය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ග්‍රාම නිලධාරී, එම පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

trace affiliate link | Footwear