Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2023 21:26:07 Hours

තිරුක්කෝවිල් ප්‍රදේශයේ ගින්නක් මැඩපැවැත්වීමට 242 වන පාබල බලසේනාවේ භටපිරිස් දායකත්වය

තිරුක්කෝවිල්, තම්බිලියුවිල් ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක පසුගිය බ්‍රහස්පතින්දා (23) දින උදෑසන ඇති වූ ගින්නක් නිවා දැමීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ 242 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කළහ.

තිරුක්කෝවිල් ගිනි නිවන ඒකකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් මත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව භටපිරිස් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 242 වන පාබල බලසේනාවේ ජල බවුසර් දෙකක් ද සමඟින් එම ස්ථානයට ගොස් තිරුක්කෝවිල් ගිනි නිවන ඒකකය සමඟ යුහුසුළුව ක්‍රියාත්මක වී වේගයෙන් පැතිර යමින් තිබූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ටී.ඩී.එස්.කේ දෙනියාය ගේ අධීක්‍ෂණය මත ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකරනු ලැබූහ.