Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තවත් බිලියඩ් සහ ස්කෝෂ් ශූරතාවයක් යුද්ධ හමුදා සාමාජිකයින් දිනාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු 2020 ස්කෝෂ් ශූරතාවලිය පෙබරවාරි මස 24 සිට 26 දින දක්වා ඉංජිනේරු සේවා රෙජිමේන්තු බිලියඩ් ක්‍රීඩාගාරයේ සහ පනාගොඩ ස්කෝෂ් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවැත්විය. මෙම ශූරතාවලියේ ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් යුද්ධ හමුදා බිලියඩ් කණ්ඩායම සහ ස්කෝෂ් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා අයවැය සහ මූල්‍ය අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් එම්. එම්. වී. බී මැද්දේගොඩ සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2019 වර්ෂයේද බිලියඩ් සහ ස්කෝෂ් ශූරතාවය හිමි කරගැනීමට සමත් වූ අතර මෙම වර්ෂයේද බිලියඩ්, ස්කෝෂ්, සික්ස් රෙඩ් ස්කෝෂ්, පොට් බ්ලැක් ස්කෝෂ් සහ ඩබල් ආදී තරඟ වට කිහිපයක් යටතේ තරඟකරුවන් තරඟ වැදුණු අතර එහිදි  ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් යුද්ධ හමුදා කණ්ඩායම දක්‍ෂතා දැක්වීමට සමත්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ඊ. ටී. එන් සොයිසා, බී. එම්. උපාලි, එස්. ජී. සුසන්ත වික්‍රම, එම්. ජී. ජී. අමරතුංග, ටී. ඩී මධුරංග, එස්. එස්. දිනුරුවන්, එම්. එම්. මුදීන්, ඩී. එම්. ජේ. කේ. දසනායක, කේ. ජී. කේ අනුරුද්ධ, ඩබ්ලිව්. ඩී. මදුසංක, සී. එම්. ජී. චන්ද්‍රසේකර, එම්.එස්. එම්.එන් ප්‍රනාන්දු සහ ආර්.එම්. ජී රත්නායක මෙම තරගාවලියේදී ඉතා උණුසුම් අයුරින් තරඟ වැදුනහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කවුන්සිලයේ සභාපති බ්‍රිගේඩියර් අයි. එච්. එම්. එන්. එන් හේරත්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී. එම්. එල්. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එස්. ඩී. පී. සී ආරච්චිගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.එම්.එස් කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ. Sneakers Store | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival