15th June 2023 22:43:44 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංක බලප්‍රදේශයේ වෙසෙන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය ඉරිදා (11) දින 55 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සි අයිජී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ. පෙරේරා ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත මෙම දේශනය පැවැත්විණී.
කොළඹ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි ලෙස කටයුතු කරන කීර්තිමත් උපදේශකයෙකු වන අබ්දුල් රහීම් මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී. මෙම දේශනය සඳහා ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 14 ක් නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 කට අධික පිරිසක් සහභාගි වූහ.
වැඩසටහන සඳහා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 553 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.