Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශීෂ්‍යයන් යාපනයේ දී ‘ලෝක ළමා දිනය’ සමරයි

කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශීෂ්‍ය සංගමය සහ 522 වන බලසේනාවේ භට පිරිස් එක්ව ‘ලෝක ළමා දිනයට’ සමගාමීව යාපනය, අච්චුවේලි පිහිටි සරස්වති විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉරිදා (01) දින පවත්වනු ලැබීය.

මෙහිදි, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් විසින් රුපියල් මිලියන 1.7 ක වටිනාකමින් යුත් පාසල් පොත්පත් සහ උපකරණ, පීන්තාරු කිරීම සඳහා තීන්ත ලීටර් 60 ක්, විදුලි පංකා 10 ක්, ක්‍රීඩා උපකරණ, සංගීත භාණ්ඩ, තෝරාගත් සිසුන් 10 දෙනෙකු සඳහා පාපැදි සහ පරිඝණක 05 ක් සිසු සුභසිද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කළහ. තවද, ඩී.එස් සේනානායක විද්‍යාලීය අදී ශිෂ්‍ය සංගමය ගුරුවරුන් වෙනුවෙන් ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පර්සල් බෙදාදීමට පියවර ගෙන තිබුණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ආර්.එම්.රත්නායක මහතා, කෝපායි ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.ශීවනේෂ් මහතා, අච්චුවෙලි සරසවි විද්‍යාලයේ විදුහල්පති මුරුගාශෝති මහතා, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරින්, ගුරුවරුන්, සිසුන් සහ සෙබළුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු 522 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරි මේජර් අජිත් මානප්පේරුම විසින් සිදු කරනු ලැබීය.

jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth