Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය - 2016 මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයක් සඳුදා (19) දින රාත්‍රියේදි ටාජ් සමුද්‍රා හෝටලයේදි පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනේදි 1 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ බලලත් නිලධාරි II එස්. ප්‍රසන්න 2015 / 2016 පැවති 20/20 ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රිඩකයා ලෙස සම්මාන ලැබීය.

9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් එල්.කේ. ෆැන්සිස්කෝ සහ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් ඒ.ඒ.එන්. පෙරේරා 2015 පැවති වයස 23 න් පහල 20/20 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන කාණ්ඩයේ ශුරතාවය වෙනුවෙන් සම්මානය ලැබීය.

එමෙන්ම, 1 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ බලලත් නිලධාරි II එස්. ප්‍රසන්න සහ ලාන්ස් කෝප්‍රල් ඒ.ජේ.සී ද සිල්වා 2015 / 2016 පැවති 20/20 පළමු කොටස ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාවය වෙනුවෙන් සම්මාන ලැබූහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, ක්‍රිකට් ක්‍රීඩකයින්, ආරාධිතයින් මෙම වර්ණ රාත්‍රිය සඳහා එක්ව සිටියහ.

buy footwear | Nike Air Max