Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික මූයිතායි තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 40 ක් දිනාගනී

යුද්ධ හමුදාවේ 53 වන ක්‍රීඩාව මෙන්ම ජාතික මට්ටමේ 63 වන ක්‍රීඩාව ලෙස ප්‍රචලිත මූයිතායි ක්‍රීඩාවේ ජාතික තරඟාවලියක් පසුගියදා පැවැති අතර එහිදි ජාතික වාර්තා රැසක් බිහිකරමින් පදක්කම් 40 ක් දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමත්විය.

බර පන්ති 8 ක් යටතේ පැවැති මෙම මුයිතායි තරඟාවලියේ රන් පදක්කම් 22 ක් අතරින් රන් පදක්කම් 15 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට සහ හොඳම පරාජිතයාට හිමි කුසලාන හිමි කරගැනීමට ද යුද්ධ හමුදා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක සමත්විය.

මෙම තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ලාන්ස් කෝප්‍රල් එස්.එච්.එල්. සේනාරත්න තේරීපත් වූ අතර ඔහු ප්‍රබල මූයිතායි ක්‍රීඩකයින් තිදෙනෙකු සමඟ සටන් වැද තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය. තවද, තරඟාවලියේ හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙස සාමාන්‍ය සෙබළ ජි.එම්.එන්. සඳමාලි තේරීපත් විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූයිතායි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මුදන්නායක සහ පුහුණුකරු ලුතිනන් කර්නල් පී.පී.සී පෙරේරා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදාවේ 53 වන ක්‍රීඩාව ලෙස මූයිතායි ක්‍රීඩාව ප්‍රචලිත වී වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ පැවැති මෙම තරඟාවලියේ දී යුද්ධ හමුදා මූයිතායි කණ්ඩායම සුවිශේෂී ලෙස කැපීපෙනෙන දක්‍ෂතා දැක්විය. Sneakers Store | Nike Off-White