Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික බෙස්බෝල් තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ජාතික බේස්බොල් තරඟාවලියේ අවසන් තරඟය සෙනසුරාදා (08) දින දියගම බේස්බෝල් ක්‍රීඩා පිටියේ දී පැවැති අතර එහිදි ලකුණු 7/5 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා කණ්ඩායම සමත්විය.

මෙම තරඟාවලිය සඳහා පිළිගත් තරඟකාරී කණ්ඩායම් අටක් තරඟ වැදුණි. තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජපාන තානාපති අකරා සුගියාමා මහතා (Akiro Sukiyama) සහ එම මැතිණිය අකිරා සුගියමා මහත්මිය (Akira Sugiyam) සහභාගි වුහ.

තරඟාවලියේ යුද්ධ හමුදා ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

හොඳම පිතිකරු - නිරෝෂන් සෙනෙවිරත්න ( යුද්ධ හමුදාව)

හොඳම පන්දුව යොමු කරන්නා - යු. සිල්වා ( යුද්ධ හමුදාව)

අවසන් තරඟයේ වීරයා - තරිඳු ගයාන් (යුද්ධ හමුදාව)

වඩත් වටිනා ක්‍රීඩකයා - තරිඳු ගයාන් (යුද්ධ හමුදාව) short url link | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth