Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික කෙටි දුර පිහිනුම් ශූරතාවලිය - 2022 යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

ජාතික කෙටි දුර පිහිනුම් ශූරතාවලිය - 2022, කොළඹ ඉසිපතන විද්‍යායීය පිහිනුම් තටාකයේදී 2022 දෙසැම්බර් මස 26 - 30 යන දිනයන්හිදී පැවති අතර, ඒ සඳහා දිවයිනේ පාසල් සහ ක්‍රීඩා සමාජ 49 ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 378 දෙනෙකු තරඟ කරනු ලැබීය. එහිදී යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමගින් පිරිමි අංශය යටතේ අනුශූරතා කුසලානය හිමිකර ගත්හ.

පිරිමි අංශයේ දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් එච්.ඩී.ඒ පීරිස් තෙරී පත් විය.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් තරඟයට සහභාගී වූ යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය උපදෙස් සහ දිරිගැන්වීම් ලබාදෙන ලදී.