Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික ඔරු පැදීමේ තරඟාවලියේ පිරිමි සහ කාන්ත කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදාවට

දියවන්නා ඔය ආශ්‍රිතව මාර්තු මස 12 සහ 13 දිනවල පැවැති 36 වන ජාතික ඔරු පැදීමේ තරඟාවලියේදී පිරිමි කාණ්ඩය, විවෘත කාන්තා කාණ්ඩය සහ පිරිමි ආධුනික කාණ්ඩයේ සමස්ත ශුරතාවයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් හිමිකරගත්හ. මෙම තරඟාවලියට කණ්ඩායම් 20 ක් සහභාගි වූහ.

මෙම තරඟාවලිය සඳහා නාවික හා ගුවන් හමුදාවන්, පොලිසිය, විශ්වවිද්‍යාල, පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූහ.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් පිරිමි කාණ්ඩයේ රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් හිමිකරගත් අතර යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගත්හ. එමෙන්ම, ආධුනික කාණ්ඩයේ රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට ද යුද්ධ හමුදා ආධුනික කණ්ඩායම සමත්විය. Running sport media | Nike News