Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික ඔරු පැදිමේ තරඟාවලියේ දී යුද්ධ හමුදා කාන්තා ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා ජාතික ඔරු පැදිමේ සංගමය විසින් 33 වන වරටත් සංවිධානය කරනු ලැබු ජාතික ඔරු පැදිමේ තරඟාවලිය - 2018, අප්‍රේල් මස 20 සිට 22 දින දක්වා දියවන්නා ඔය හිදී පවත්වනු ලැබීය.

මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් තරඟාවලියේ විවෘත කාන්තා අංශයේ ශුරතාවය සහ දේවා හෙන්රි කුසලානය හිමි කරගැනීමට සමත්විය.

මෙවර තරඟාවලිය සඳහා දිවයින පූරා පිහිටි සංවිධාන 17 ක් මෙන්ම සන්නද්ධ හමුදාවන්, විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර පාසල් නියෝජනය කරමින් ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට අධික පිරිසක් සහභාගි වූහ.

තෙදිනක් පූරා තරඟ ඉසව් 26 ක් යටතේ පැති මෙම තරඟාවලියේ දී කිලෝමීටර 2 ක් ආවරණය වන පරිදි පිහිණුම් පථ හතරක් ඔස්සේ තරඟකරුවන් තරඟවඳිණු ලැබීය. මෙහිදි විවෘත, අවුරුදු 18 ට වැඩි සහ 18 න් පහළ, යුගල, ඩබල් ස්කල් (Double Scull), කොස්ලස් (coxless ) සහ කොස්ඩ් ෆෝස් (coxed fours), පාසල් පිරිමි ස්කලර්ස් (schoolboy scullers) සහ පාසල් කාන්තා ස්කලර්ස් (schoolgirl scullers ) යන තරඟ ඉසව්වන් යටතේ පිරිමි සහ කාන්තා වශයෙන් තරඟ පවත්වනු ලැබීය.

Sport media | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov