17th June 2023 20:34:55 Hours
ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක අංශය විසින් දිවයින පුරා රාජකාරියෙහි නියතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ‘යෝග’ වැඩමුළුවක් ජුනි මස 12 දින සිට 14 දින දක්වා පැවැත්වීය.
යෝග වැඩමුළුව සඳහා කොළඹ, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, යාපනය ඇතුළු ප්‍රදේශ පහක් ආවරණය වන පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් 750 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, වැඩසටහන ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ස්වාමි විවේකානන්ද යෝගාශ්‍රමයේ උපදේශකවරුන් විසින් මෙහෙයවන ලදී.
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩමුළුව පවත්වන ලදී.
යෝග වැඩමුළුව ගාලු මුවදොර පිටියේ පැවති අතර, එම වැඩමුළුවේ අවසන් දින සහභාගී වූවන් සඳහා ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය අංකරන් දත්තා (Ankuran Datta) මහතා සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.