07th June 2025 19:34:26 Hours
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 55, හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ජුනි මස 06 දින අම්පාර, සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් පාඨමාලාව හැදෑරූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 37 දෙනෙකු වෙත එහිදී සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් දෙනවක ඩී.ඒ.ඩබ්ලිව්.ඩබ්ලිව් තේරී පත්විය.
පාඨමාලාවේ අවසන් දේශනය අම්පාර, සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එච්.එම්.සී පුෂ්පකුමාර RWP USP විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.