Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

'ගුවන් හමුදා පාපැදි සවාරිය - 2021’ කාන්තා අංශයේ ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය ඉරිදා (7) දින පවත්වනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2021’ කාන්තා අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් උදේශිනී නිරංජනී සමත් වූවාය.  

එමෙන්ම, කාන්තා කාණ්ඩයේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් පංචාලි සුලෝචනා සහ කෝප්‍රල් දිනේෂා දිල්රුක්‍ෂි දිනාගත් අතර යුද්ධ හමුදා කාන්තා පාපැදි කණ්ඩායම කාන්තා අංශයේ ශූරතාව දිනාගත්හ.  

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසරකට ආසන්න කාලයකින් පසුව ශ්‍රී ලංකාවේ පැවති පළමු පාපැදි තරඟයේ ඉහළම ස්ථාන සඳහා ජාතික මට්ටමේ පාපැදි ක්‍රීඩකයින් 196 දෙනෙකු තරඟ වැදුණහ.  

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ පිරිමි කාණ්ඩයේ තරඟය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් ආරම්භක සංඥාව ලබාදුන්නේය.          

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය කටුනායක Eagles’ Lagoon View Reception Hall හිදී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහභාගී වූයේය. Running sneakers | Nike Dunk - Collection - Sb-roscoff