Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 05:40:07 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව අවසන්

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය පසුගිය බදාදා (11) දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහභාගී විය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව පාඨමාලාව හදාරා විසිර යනු ලබන භටපිරිස්හි ආචාරයද එතුමන් වෙත පිරිනමනු ලැබිණි.

මෙම පාඨමාලාව සඳහා 1 වන බලකාය යටතේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 140 සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස ලාන්ස් කෝප්‍රල් ජේ.එස්.සී ජිනරත්න සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස කෝප්‍රල් ඩබ්ලිව්.එම්.ඩී.එන් බණ්ඩාර සහතිකපත් හිමිකර ගත්හ.

විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් සුභාත් සංජීව, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.