Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2021 13:23:19 Hours

ගතවූ පැය 24 තුළ තවත් වි‍දේශ ශ්‍රමිකයන් පිරිසක් මෙරටට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 763 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 749 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 241 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 210 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 257 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (18) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 49,252 වේ. ඉන් පුද්ගලයින් 42,413 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (18) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 53,075 ක් වන අතර ඉන් පුද්ගලයින් 45,170 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (18) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,641 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (18) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 425 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (18) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් කොලොන්නාව, බොරැල්ල, උඩුපුස්සැල්ලාව, කෑගල්ල, දෙහිවල, පොළොන්නරුව, කොළඹ 08 සහ උඩුදුම්බර යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (18) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 264 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (18) දින උදෑසන UL 1264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 29 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (18) දිනය තුළ UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 09 දෙනෙකු, MAGAN 292 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු, UL 184 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට එක් පුද්ගලයෙකු, UL 186 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් 06 දෙනෙකු සහ UL 230 දරණ මගී ගුවන් යානය මගින් කුවේට් සිට පුද්ගලයින් 297 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 7,173 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (17) දිනය තුල PCR පරික්‍ෂණ 15,218 ක් සිදුකර ඇත. Sport media | Air Jordan Release Dates 2020