Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ගජබා රෙජිමේන්තුවේ ‘අන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය’ 11 වන ගජබා රෙජිමේන්තුව ජයගනී

ගජබා රෙජිමේන්තු ‘අන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය - 2019’ නොවැම්බර් මස 22 සිට 24 දින දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සෙබළුන්ගේ ක්‍රිඩා කුසලතා ඉහල නැංවීම සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසු නිලයින් අතර සහජීවනය මෙන්ම අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 18 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිමල්ලවයන් පිටුදැකිමේ ක්‍රමයට තරඟවැදුනි. 2019 ගජබා රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලියෙන් කණ්ඩායම් 3 ක් පරාජය කරමින් අවසන් තරඟයේදී ශූරතාවය දිනා ගැනීමට 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත් විය. අනුශූරතාවය දිනාගැනීමට 3 වන ගජබා රෙජිමේන්තුව සමත් වූ අතර තෙවන ස්ථානය දිනාගැනීමට 15 වන ගජබා රෙජිමේන්තුව සමත් විය.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් නිලංග ප්‍රනාන්දු සහභාගී විය. ඉකුත් ඉරිදා (24) දින උදෑසන පැවති අවසන් මහා තරගය නැරඹීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ බලඇණිවල මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින්ද සහභාගී වූහ.Nike footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov