Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:30:06 Hours

ගජබා රෙජිමේන්තුවේ ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය සහ ශ්‍රවණාගාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල් තබයි

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත රෙජිමේන්තු කෞතුකාගාරය සහ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) දින පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේකෝන් යූඑස්පී එන්ඩීසී එක්ව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මුල්ගල් තැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සඳහා වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේලා විසින් රැස්ව සිටි පිරිසට ආශිර්වාද එක්කළහ.

අනතුරුව, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජේ.ආර්.එම්.එස්. ජයවර්ධන විසින් ව්‍යාපෘති සැලැස්ම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළේය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ලබාදෙනු ලබයි.

යෝජිත දෙමහල් ගොඩනැගිල්ලේ පහත මහලේ කෞතුකාගාරයත්, ඉහළ මහලේ ආසන 667 ක් සහිත බහුකාර්ය ශ්‍රවණාගාරයත් ඉදිකිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.