Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2025 12:04:03 Hours

ගංවතුරෙන් අවතැන් වූවන්ට 242 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සහන සැලසීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් දියත් කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොතුවිල්, පානම සහ නීලගිරිය ප්‍රදේශවල පැවති ගංවතුර තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් 242 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් සහන සැලසීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති RSP USP සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ජී.ඒ.ටී කලකෝරළේ RSP ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව 2025 මාර්තු මස 3 දින ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී පානම ප්‍රදේශයේ සිවිල් වැසියන් 200 දෙනෙකු පමණ මුදාගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම, 2025 මාර්තු මස 4 දින භටපිරිස් විසින් ගංවතුර අවධානම පැවති නීලගිරිය මාර්ගයේ පිළිසකර කිරීම් සිදුකරමින් බැතිමතුන් 1,000 කට පමණ එම මාර්ගය භාවිතා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙන ලදී. යුද්ධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී මෙම සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් අවතැන් වූවන් වෙත සහන සලසමින් ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කරනු ලැබීය.