Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2023 19:35:46 Hours

ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොලිස්පතිතුමන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (03) දින සන්ධ්‍යාවේ පැවැත්විණි. මැයි මස 4 සිට 10 දින දක්වා පැවැත්වෙන මෙම වෙසක් සතිය තුළ ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් වර්ණවත් සහ නිර්මාණාත්මක ප්‍රදර්ශනයන් රැසක් එක්කර ඇත.

අතිගරු ජනාධිපතිතුමන් ගංගාරාම පරිශ්‍රය වෙත පැමිණීමට ප්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවති වෙසක් කලාපයන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවේය. ගංගාරාම විහාරස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විදුලි පහන් දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ වාදනයන් මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය විසින් ගායනා කරනු ලැබූ භක්ති ගීත ප්‍රදර්ශනය නැරඹුවේය.

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කිරීම උදෙසා ප්‍රදර්ශනය කරනු ලබන මෙම විසිතුරු පහන් කූඩු සහ අනෙකුත් ප්‍රදර්ශනයන් ආගමික වතාවත් සහ අනෙකුත් චාරිත්‍ර වාරිත්‍රයන් මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආරාධිතයින් විසින් විවෘත කරන ලදී. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය (ආචාර්ය) කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් පවත්වමින් ‘වෙසක්’ උත්සවයේ වැදගත්කම ලෝකයාටත්, සමස්ත බෞද්ධ ජනතාවටත් පෙන්වා දුන්නේය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් සහ විවිධ සංවිධාන වෙතින් නිර්මාණය කරනු ලැබූ නිර්මාණශීලී වෙසක් කූඩු, ප්‍රදර්ශන කුටි තුළ අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් පහන් දැල්වීමෙන් පසුව එතුමන් වෙසක් කලාපයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වෙමින් එම පහන් කූඩු නිර්මාණය කළ අයවලුන් සමඟ අදහස් හුවමාරුවක ද නිරත වූවේය. එහිදී, යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද ‘අපාය’ ප්‍රදර්ශනය නිරීක්‍ෂණය කළ අතිගරු ජනාධිපතිතුමන් එම පරිශ්‍රයේ යුද්ධ හමුදා සාමාජිකයන් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත වූවේය.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙසක් කලාපය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ විවිධ රෙජිමේන්තුවල යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා ඇගයීමට ලක්කළේය. අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් අනෙකුත් ආරාධිතයින් සමඟින් ප්‍රදර්ශන කුටි වෙත ගොස් එම නිර්මාණ ඇගයීමට ලක්කරනු ලැබීය.

ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය සඳහා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.