Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2025 16:03:20 Hours

කොළඹ, විශාඛා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළල සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි

කොළඹ, විශාඛා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මැයි මස 02 දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා WWV, RWP and two bars, RSP and bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූහ.

ක්‍රීඩා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ පෙළපාළියෙන් අනතුරුව ජවන හා පිටිය ක්‍රීඩා රැසක් පැවැත්විණි. අනතුරුව, පැවති සම්මාන ප්‍රධානෝත්සවයේදී ජයග්‍රාහකයින් වෙත සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා එම විද්‍යාලයේ විදුහල්පතිනි මනෝමි සෙනෙවිරත්න මහත්මිය, ගුරු භවතුන්, පාසල් සිසුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.