Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2024 18:31:33 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහල පිළිකා නිවාරණ පිළිබඳ අධ්‍යාපන සැසියක් පවත්වයි

කොළඹ යුද්ධ හමුදා රෝහලේ ‘නීරෝගී දැයක් නිරෝගී හමුදාවක්’ අංශය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් සඳහා ‘පිළිකා හඳුනා ගැනීම සහ වලක්වා ගැනීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 16 දින එම රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ පටක ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ජී.එම්. ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මේජර් එල්.අයි මාදුළුවගේ විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී. ඒ සඳහා නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයන් පනස් දෙනෙකු සහභාගී වූහ.