11th July 2023 00:17:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන්හි වැඩිම ඉසව් ගණනකින් ශූරතාවයන් දිනා ගැනීමට සමත්වූහ. තරගාවලියේ කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි කාණ්ඩය, කිලෝග්‍රෑම් 46 - 58 න් පහළ සහ කිලෝග්‍රෑම් 61 - 75 ට අඩු කාන්තා සහ Aerobics කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් දිනාගත් අතර කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි (බී කණ්ඩායම) අනුශූරතාව ද දිනාගත්හ.
තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී, යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී තරඟාවලියේදී දස්කම් දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරනු ලැබීය. ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31 දෙනෙකු ප්‍රතිවාදීන් සමඟ තියුණු ලෙස තරඟවැදී විශිෂ්ඨ දස්කම් දක්වමින් ශූරතාවයන් දිනාගත්හ.
මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝතසවය සඳහා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 144 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් කේ.එම්.වී. කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.