Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කොඩිකාමම් හි ජංගම අක්ෂි සායනයෙන් සාමාන්‍ය වැසියන්ට ඇස්කණ්ණාඩි

යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය හා මල්වතු මහා විහාරයෙහි ‘සුසරණ ලංකා’ සමාජ සංවර්ධන පදනම සමඟ එක්ව සංවිධානය කළ ජංගම අක්ෂි සායනයකින් සාමාන්‍ය වැසියන්ගේ ඇස් පරික්ෂා කොට ඇස්කණ්ණාඩි අවශ්‍ය අයවලුන්ට නොමිලේ ඇස්කණ්ණාඩි ලබාදෙන ලදි.

522 බළසේනාධිපති කර්නල් කමල් පින්නවල ගේ උපදෙස් මත 15 වන ස්වේච්ඡා ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ආර්.ජේ කරුණාරත්න ගේ සම්බන්ධිකරණයෙන් ‘සුසරණ ලංකා’ පදනමෙහි වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් මෙම ජංගම අක්ෂි සායනය පවත්වනු ලැබීය.

මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියේ පළමු අදියර සංකේතවත් කරමින් 522 බළසේනාව, ඉරිදා (7) දින සාමාන්‍ය වැසියන්ට ඇස්කණ්ණාඩි 23 ක් බෙදාදීම සිදු කෙරිණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 522 බළසේනාවේ බළසේනාධිපති කර්නල් කමල් පින්නවල සහභාගි විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ අනුමැතියෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

‘සුසරණ ලංකා’ සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ ප්‍රතිලාභීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

spy offers | Sneakers