Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චියේ පැවති මළල ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් සහභාගී වෙයි

කිලිනොච්ච් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ වාර්ෂික මළල ක්‍රීඩා තරඟාවලිය ඔක්තෝම්බර් මස 20 සහ 21 දිනයන්හි කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරඟාවලිය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් සහාය දිවීමේ කණ්ඩායම් සහභාගී වූහ.

මෙම තරඟාවලිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු ක්‍රීඩා කෞෂල්‍යයන් හඳුනාගෙන ඔවුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලින් සඳහා ඉදිරිපත් කිරීම මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ අරමුණ විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුළු මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් මෙවර තරඟාවලිය සඳහා සහභාගී වූහ.

මෙම තරඟාවලියේ අවසාන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, සහතිකපත් සහ පදක්කම් ප්‍රදානය කළේය. මෙවර තරඟාවලියේ සමස්ථ ශූරතාවය 57 වන සේනාංකය විසින් හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 65 වන සේනාංකයට හිමිවිය.

තරඟාවලිය නැරඹීම සඳහා ආගමික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, ගුරුවරුන් සහ පාසල් සිසුන් රැසක් සහභාගි වූහ. Authentic Nike Sneakers | Nike