Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි විදුහල් පරිශ්‍රයේ මදුරුවන් බෝවන ස්ථාන භට පිරිස් විසින් විනාශ කරයි

මෝසම් වර්ෂා කාලය ආරම්භවීමත් සමඟම පැතිරමින් පවතින ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරියලන්ගපද්දුවාන් දමිළ මිශ්‍ර පාසල් භූමිය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සඳුදා (06) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධික්ෂණයෙන් 11 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන් 30 ක පිරිසක් එම විදුහල් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සමඟින් මෙම ශ්‍රමදාන ව්‍යාපාරයට එක්ව සිටියහ.

ශ්‍රමදානයට සහභාගි වූ භට පිරිස් ඇතුලු පිරිස පාසල් පරිශ්‍රයේ කුණු කසල ඉවත් කොට ජලවහන පද්ධතිය පිරිසිදු කොට මදුරුවන් බෝවන ස්ථාන සියල්ල විනාශ කර පාසල් භූමිය සිසුන්ට වඩා ආරක්ෂිත පරිසරයක් බවට පත්කරන ලදි. 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කරන ලදි.

Best Authentic Sneakers | Nike