Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි තේවම්පිඩ්ඩි දමිළ විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමට 65 වන සේනාංක භට පිරිස්හි සහාය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (Sri Lanka Insurance) ආයතනයේ මුල්‍ය දායකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තේවම්පිඩ්ඩි රජයේ දමිළ විද්‍යාලයේ සිසුන් 312 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සවයක් සිකුරාදා (10) දින පවත්වනු ලැබීය.

මෙහිදි කිලිනොච්චි සිසුන් වෙනුවෙන් පාසල් බෑග්, වතුර බෝතල්, අභ්‍යාස පොත්, සපත්තු, පාට පැන්සල්, පාට පෙට්ටි, කවකටු පෙට්ටි, බැට්මිටන් පිති, ක්‍රීකට් බෝල් සහ පිති, පා පන්දු, වෝලි බෝල් ඇතුළු රුපියල් 300,000/= ක වටිනාකමින් යුතු උපකරණ තොගයක් පරිත්‍යාග කළහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා 651 වන බලසේනාවට අයත් 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ මහජන සම්බන්ධිකරණ නිලධාරි රවි මෙන්ඩිස් මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 65 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින්, තේවම්පිඩ්ඩි දමිළ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු දෙමාපියන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Best Sneakers | Nike - Shoes & Sportswear Clothing