Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පාපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවේ

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය අඟහරුවාදා (27) දින කිලිනොච්චි, පරවුපන්ජාන් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා කණ්ඩායම් සහ සිවිල් කණ්ඩායම් තරඟ වැදුණු මෙම තරඟවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

මෙම තරඟාවලියේ දී යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් 28 ක් තරඟ වැදුණි. ඉන් 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම අවසන් තරඟයේ දී තරඟ වැදුණු අතර එහිදි 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම ලකුණු 3 – 0 ලෙස ලකුණු ලබාගනිමින් අවසන් තරඟයේ ජයග්‍රහණය හිමි කරගත්හ.

සිවිල් කණ්ඩයම් හයක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර, ‘ජොලි බෝයිස්’ ක්‍රීඩා සමාජය සහ ‘කලෛමගල්’ ක්‍රීඩා සමාජය අවසන් තරඟයයේ දී තරඟ වැදුණි. එහිදි ‘ජොලි බෝයිස්’ ක්‍රීඩා සමාජය ලකුණු 2 – 1 ලෙස ලකුණු ලබාගනිමින් අවසන් තරඟයේ ජයග්‍රහණය හිමි කරගැනීමට සමත්විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.

latest Nike Sneakers | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!