Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කාන්තා වොලිබෝල් ජාතික ශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (13) දින සන්ධ්‍යාවේ පැවැති ජාතික සුපර් ලීග් වොලිබෝල් - 2021 තරඟාවලියේ ප්‍රථමවරට ජාතික ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් සුබපැතුම් එක් කළේය.

අවසන් මහා තරඟයේදී සිය ප්‍රතිවාදීන් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කාන්තා කණ්ඩායමට එරෙහිව වට 3-1 ක් ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම ජාතික ශූරියන් බවට පත්විය.

2018 වසරේදී යුද්ධ හමුදා සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර තියුණු තරඟයකින් අනතුරුව ගුවන් හමුදා කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවන් ශූරතාවය දිනාගත්හ. මෙවර තරගාවලියේ මූලික තරග ගාල්ල දඩැල්ල වොලිබෝල් ක්‍රීඩාගාරයේදී පැවැති අතර තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 50 ක් තරඟ වැදුණි.

මෙවර තරඟාවලියේ කාන්තා අවසන් පූර්ව වටයේදී, ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සහ නාවික හමුදා ක්‍රීඩිකාවන් අතර පැවැත්විණි. එහිදී, ලකුණු 25-20, 25-22, 20-25, 25-1 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට තේරිපත්විය. එමෙන්ම, යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් සහ හයිඩ්‍රාමනි කණ්ඩායම අතර පැවැති තරඟයේදී ලකුණු 25-14, 21-25, 32-20, 25 -23 ලෙස වාර්තා කරමින් යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් ද අවසන් මහා තරගයට තේරීපත්විය.

තරගාවලියේ ශූරියන් බවට පත්වූ යුද්ධ හමුදා ක්‍රීඩිකාවන්ට රුපියල් 150,000 ක මුදල් ත්‍යාගයක් සහ සම්මාන පිරිනැමුහ. එසේම, අනුශූරියන් බවට පත්වූ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණියද මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට සිය උණුසුම් සුබපැතුම් එක් කළාය.

අවසන් මහා තරගයේ දක්‍ෂතා දැක්වු යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ;

ලාන්ස් කෝප්‍රල් කේ.ඩබ්ලිව්. පෙරේරා - දක්‍ෂතම ක්‍රීඩිකාව

කාන්තා සෙබල ඩි.එම්.ටි.කේ. දිසානායක - දක්‍ෂතම පන්දු ලබාගන්නිය

කාන්තා සෙබල ඒ.අයි.එස්. පෙරේරා - දක්‍ෂතම පන්දු සකසන්නිය

කාන්තා සෙබල ඒ.එම්.එස්.එස්. සෙනෙවිරත්න - දක්‍ෂතම ප්‍රහාරිකාව

කාන්තා සෙබල ජේ.පී.ඒ. මදුරිකා - දක්‍ෂතම පන්දු පිරිනමන්නිය Best Nike Sneakers | Nike Shoes