Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කාච්චෙයි සහ නාවත්කුලි සිවිල් වැසියන් සඳහා පානීය ජලය ලබා ගැනීමට නව නළ ළිං

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු පුබුදු සොයිසා මහත්මියගේ අරමුදල් මඟින් කාච්චෙයි සහ නාවත්කුලි යන ස්ථානවල සිවිල් වැසියන් හට අවශ්යa පානීය ජලය සැපයීම සඳහා නව නළ ළිං දෙකක් ස්ථාපනය කරන ලදි.

සිවිල් වැසියන් සහ අනෙකුත් ප්‍රජා නායකයින් ද සහාය ඇතිව ස්ථාපනය කළ මෙම නව නළ ළිං මඟින් නියඟයෙන් පිඩාවිදින පවුල් සහ ඒ අවට ප්‍රදේශවල වෙත ජලය සපයනු ලැබේ.

තවද, මෙම ළිං, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරී, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය දා විවෘත කෙරිනි.

මෙම නළ ළිං දෙකෙහි වටිනාකම රුපියල් 70,000.00 ක් වන අතර, Pillaiyar Tube Well Construction වෙළඳ සමාගම විසින් එය ස්ථාපනය කරන ලදි.

Adidas footwear | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ