Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2024 13:59:52 Hours

කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස්හි සහය

වට්ටප්පලෛයි, කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය 2024 මැයි මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලද අතර, එම උත්සවය සඳහා ලක්ෂ හයකට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මෙම උත්සවය සඳහා භටපිරිස්හි සහයෝගය ලබාදෙන ලදී.

591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් කෝවිල් කමිටුව සමඟින් එක්ව කෝවිල් ප්‍රදේශය තුළ ආරක්‍ෂාව, වෛද්‍ය පහසුකම් සහ කූඩාරම් ආදී පහසුකම් ලබාදෙන ලදී. තවද 59 පාබල සේනාංකයේ භට පිරිස් විසින් බැතිමතුන් සඳහා කොත්තමල්ලි සහ බනිස් දන්සලක්ද පවත්වනු ලැබීය.