Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කතරගම පෙරහැර වෙනුවෙන් පාද යාත්‍රාවෙහි යෙදෙන බැතිමතුන් සඳහා යුද්ධ හමුදාවෙන් පහසුකම්

කතරගම දේව වන්දනාව සඳහා දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් වලින් සෑම වර්ෂයකම පැමිණෙන බැතුමතුන් මෙවර ද සෙනසුරාදා (15) දින පානම, ඔකඳ ශ්‍රී මුරුගන් කෝවිලේ පූජාවෙන් පසු කතරගම දක්වා ගමන් කළ අතර, ඔවුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම් අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 242 බලසේනාවට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සපයාදෙන ලදි.

බැතිමතුන්ගේ පාවිච්චිය සඳහා භට පිරිස් විසින් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජල සම්පාදන මණ්ඩලය සමඟ සම්බන්ධිකරණයෙන් ලීටර් 1000 ජල ටැංකි 18 ක් ඔකඳ සිට කුමන දක්වා මාර්ගය දෙපස ස්ථාපිත කළ අතර, නිරන්තරයෙන් ඒ සඳහා ජල සැපයීමට ද සහාය දක්වන ලදි.

මීට අමතරව, රෝගීන් හා වයස්ගත බැතිමතුන් සඳහා සහන ප්‍රවාහන සේවා සැපයීම මෙන්ම සහන සේවා කණ්ඩායම් හා විවිධ ආයතන මඟින් ලබාදෙන ආහාර පාර්සල් බැතිමතුන් හට බෙදාදීමට ද භට පිරිස් සිය සහයෝගය දැක්වුහ.

2017 අගෝස්තු මස 02 දක්වා විවෘත කර තැබීමට නියමිත ඔකඳ පිවිසුම් දොරටුව තුලින් මේ වන විට 4000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් වන්දනා මාන කටයුතු සඳහා පැමිණ ඇත.

Sports brands | GOLF NIKE SHOES