28th June 2024 08:45:44 Hours
ඕස්ට්‍රේලියානු සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් මයිකල් වෙබ් (Lieutenant Colonel Michael Webbe) සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් සීඑස්සී එන්ඩීසී (Colonel Amanda Johnston CSC and Bar ndc) 2024 ජුනි මස 26 දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.
සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී විසින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපනයක් ද සිදුකරනු ලැබීය. අනතුරුව, සේනාවිධායකතුමන් විසින් මෙරට සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය සහ ඕස්ට්‍රේලියානු සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානය අතර ඇති සහයෝගීතාවය සහ එම ක්ෂේත්‍ර සඳහා ඇති පුහුණු අවස්ථාවන් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
සාකච්ඡාවෙන් අනතුරුව, නියෝජිත පිරිස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතව ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ආවේක්‍ෂණ පාඨමාලා අංක 10, අවසන් අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීම සඳහාද සහභාගී වූහ.
පුහුණු ආයතනය පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර සේනාවිධායකතුමන් සහ පැමිණි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුක්ද සිදුවූහ.