Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2024 22:19:42 Hours

එක්සත් ජාතීන්ගේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව අංක - 5 සාර්ථකව අවසන්

එක්සත් ජාතීන්ගේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව අංක - 5 සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ජූලි මස 19 දින අවසන් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 25 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2 දෙනෙකු සහ බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මොංගෝලියාව සහ වියට්නාමය යන විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 6 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව 2024 ජූලි මස 8 දින සිට 19 දින දක්වා පවත්වන ලදී.

මෙම පාඨමාලාවේ සිංගප්පූරුවේ ඇලෙක්ස් ලී, ජර්මනියේ ජෙන්ස් නෝමන් හනේ, ආර්ජන්ටිනාවේ වික්ටර් මැනුවෙල් නුනෙස් , නේපාලයේ බ්‍රිගේඩියර් ජෙනරල් (විශ්‍රාමික) නරේෂ් සුබා යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් මෙයට සම්පත් දායකයන් වශයෙන් එක් විය.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී සහභාගී විය

මෙම සමාප්ති උත්සවයට එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.